31 C
Colombo
Sunday, June 4, 2023

#MeToo ව්‍යාපාරයට සහය දැක්වූ මාධ්‍යවේදිනියකට ආයතනයෙන් බලපෑම් කිරීම නිසා ඉල්ලා අස්වෙලා

- Advertisement -

ජනමාධ්‍ය ආයතන තුළදී ජනමාධ්‍යවේදිනියන්ට සිදුවන විවිධ ලිංගික හිංසන හා අඩංතේට්ටම් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන #MeTooSrilanka ව්‍යාපාරයට සහය දැක්වීම නිසාවෙන් ආයතනයෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් ජනමාධ්‍යවේදිනියක් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙලෙස සිය ඉල්ලා අස්වී ඇත්තේ මේ වන විටත් ආන්දෝනලයට තුඩුදී තිබෙන මාධ්‍ය ජාලයක, ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙස හා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ දිනිති ධර්මපාල මෙනෙවියයි.

ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ මාධ්‍ය ආයතන තුළදී කාන්තාවන් හට සිදුවන ලිංගික හිරිහැරයන් පිළිබඳව විවෘත සංවාදයක් ගොඩනගන #MeToo ව්‍යාපාරයට සහය දක්වමින් තම පුද්ගලික ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයට පත් කරන ලද ට්වීට් කිහිපයක් ඉවත් කළ යුතු බවට ආයතනය විසින් තමන් හට දැනුම්දුන් බවයි.

මෙවැනි අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ආයතනය තුළ අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම සඳහා අදාළ හෙළදරව් කිරීම් වේදිකාවක් ලෙස භාවිතා කරනවා වෙනුවට, කළමනාකරණය අවධානය යොමු කළේ තමන්ව නිහඩ කරවීමට බව ඇය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

තමන් එම ආයතනයෙහි සේවය කළ පසුගිය මාස 8ක කාලය තුළ තමන්ට සහ තම කාර්යාලීය සගයන්ට විඳදරාගැනීමට සිදුවූ දෑ සහ සිදුවීම් පිළිබඳව ඉහළ කළමනාකාරිත්වයත්, මානව සම්පත් කළමනාකාරිත්වයත් හොඳින් දන්නා බව ඇය දන්නා බවයි.

කෙසේ වෙතත් එවැනි සිද්ධීන් පිළිබඳව ඔවුන්ට වාර්තා කළ පසුවද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, මෙම භයානක තත්වය වෙනස් කිරීමට කිසිඳු උත්සාහයක් නොදරා ඇති බවත් දිනිති මෙනෙවිය සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවැනි කෙටි දැනුම්දීමකින් ඉවත්වීම ගැන තමන් සමාව අයදින නමුත් ආයතනයේ සේවය කරන කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා ආයතනයේ කළමනාකාරිත්වය දරන උත්සහය පිළිබඳ තමන්ට තවදුරටත් විශ්වාසයක් නොමැති අතරම ආයතනය තුළ තමන් හට ආරක්ෂාවක්ද නොදැනෙන බැවින් ඉල්ලා අස්වෙන බවත් එය වඩාත් සාධාරණ වීම උදෙසා, ජුනි මාසය සඳහා වන වැටුප ඉල්ලා නොසිටින බවත්ය.

තම අත්දැකීම් බෙදාහදා ගැනීමට ඇය ගත් තීරණය ලිංගික හිරිහැරයන්ට ගොදුරු වූවන්ට දක්වන සහයෝගය පෙන්වීමක් ලෙස පමණක් බව පැවසීමට තමන් කැමති බවත්, සමාගමේ නිවැරදි ප්‍රතිචාරය විය යුතුව තිබුණේ මේ පිළිබඳව වහාම විමර්ශනය කිරීම සහ ලිංගික, ශාරීරික, වාචික හා මානසික හිරිහැර ඇතුළු සේවා ස්ථානයේ සියලු ආකාරයේ හිරිහැර මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම බවත් ඇය පෙන්වා දී තිබෙනවා.

අවසාන වශයෙන් ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත්තේ මෙම සමාගමට තම දායකත්වය හා කැපවීම 100% කින් ලබා දී ඇති අතර, තම රාජකාරිය පිළිබඳ එකදු ගැටළුවක් හෝ පැමිණිල්ලක් නොනැඟී තිබුණද, ආයතනයට ඔවුන්ගේ යුතුකම් කොටස වන ආරක්ෂිත සහ විශ්වාසනීය සේවා පරිසරයක් ලබා දීම තහවුරු කිරීමට මුළුමනින්ම අසමත් වී ඇති බවයි.

ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්,


RECENT ARTICLES - SINHALA

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් පුද්ගල මළසිරුරක් හමුවෙයි

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...