25 C
Colombo
Sunday, May 19, 2024

යුක්තිය නිසා කුඩු ගණන් ගිහින් – ටිරාන්

- Advertisement -

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝමයක් සිය නිවෙස් අත්හැර ගොස් තිබෙන බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසු බව දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා.

මත්ද්‍රව්‍යයට එරෙහිව සිදුකරනු ලබන පොලිස් මෙහෙයුම නිසා මත්කුඩු හිඟයක් පවතින බවත් ජාවාරම්කරුවන් රුපියල් දෙදාහක මුදලකට අලෙවි කළ මත්කුඩු පැකට්ටුව රුපියල් අටදාහ දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුණා.

ඉතා සාර්ථක ලෙස මෙම යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක වන නිසා ශ්‍රී ලංකාවේ සිව් දෙසින් පොලිස් ස්ථානවලට තොරතුරු ලැබෙමින් පවතින බව ටිරාන් අලස් මහතා සඳහන් කරනවා.

මෙම යුක්තියේ මෙහෙයුමට සෑම පොලිස් ස්ථානයකම නිලධාරීන් සම්බන්ධ කර ගෙන තිබෙන බව ද ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පවසා තිබුණා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...