28 C
Colombo
Thursday, May 2, 2024

ඉඩම් කොල්ලකරුවන් අතින් වැනසෙන කලමැටිය අවශේෂ කැලෑ පද්ධතිය

- Advertisement -

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කලමැටිය කලපුව ආශ්‍රිත අභයභූමිය දෙස් විදෙස් පක්ෂීන්ගේ නවාතැන් පලක් ලෙසට ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති ස්ථානයකි.

පක්ෂීන්ට ඇලුම්කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ නිබඳ ආකර්ශණයට ලක්ව ඇති මෙම අභය භූමියත් උස්සන්ගොඩ ජාතික වන උද්‍යානයත් අතර අක්කර 250කට ආසන්න භූමියක් අවශේෂ කැලෑ පද්ධතියක් ලෙස පවතියි.

මෙම භූමියේ භාරකාරත්වය හිමිව ඇත්තේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් වරයා සතුවයි.

මේ වන විට විවිධ පිරිස් තම පරම්පරාවෙන් මෙම අවශේෂ කැලය තුල වගාවන් පවත්වාගෙන ගිය බව පවසමින් අනවසරයෙන් ඉඩම් කොටස් වෙන්කර ගනිමින් සිටියි.

මේ පිළිබඳව අප විසින් ප්‍රදේශවාසීන්ගෙන් විමසූ විට ඔවුන් පැවසූවේ ගමේ පදිංචිකරුවන් මෙන්ම විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පිරිස් විසින් දිගින් දිගටම මෙම අවශේෂ කැලය අනවසරයෙන් එළිකරමින් සිටින බවයි.

ඒ සමහර පුද්ගලයන්ගේ මුහුණු තමන් මීට පෙර කිසි දිනක නැති මුහුණු වන අතර මාස 6ක පමණ කාලයක සිට මෙම තත්වය ආරම්භ වී ඇති බවද ඔවුන් විසින් කියා සිටියි.

අප කලමැටිය වනජීවී කාර්යාලයේ නිළධාරීන්ගෙන් මේ පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ඔවුන් සඳහන් කලේ කලමැටිය අභයභූමිය යනු කලපුවක් වන අතර වසරේ වර්ෂාව අධික කාලවලදී එම කලපුව ජලයෙන් යටවන බවත්, එම කාලවලදී අභයභූමිය තුල වෙසෙන කුඩා සතුන් ආරක්ෂාව සඳහා සැඟවී සිටින්නේ තර්ජනයට ලක්ව ඇති අවශේෂ කැලය තුල බවයි.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...