24 C
Colombo
Tuesday, May 21, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කල්ල මරේ

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සියලුම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සඳහා වන ක්‍රීඩක ගාස්තු ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ක්‍රිකට් ආයතනය පෙන්වාදෙන්නේ A1, A2, B2, C1, C2, සහ ‘A’ කණ්ඩායම් වශයෙන් කාණ්ඩ හයක් යටතේ ක්‍රීඩකයින් 41 දෙනෙකුට නව ගිවිසුම් පිරිනැමීමට නියමිත බවයි.

මෙහිදී ටෙස්ට් තරග ගාස්තු කුසලතා මත පදනම් ව ඉහළ නංවා ඇති අතර, නවතම ක්‍රීඩක ගාස්තු ඉහළ නැංවීම යටතේ ටෙස්ට් ආකෘතිය සඳහා සීයට සියයකින් වැඩි කර ඇති බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මේ අතර එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා වන ක්‍රීඩක ගාස්තු සියයට 25කින් ඉහළ දමා තිබෙනවා.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පත්වන ක්‍රීඩකයින් ඇගයීමට ද තීරණය කර ඇති අතර එවැනි අවස්ථාවක දී ක්‍රීඩකයෙකු සඳහා එක් වරක් පමණ සිදු කරන මූල්‍යමය ගෙවීමක් සිදු කිරීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම ආකෘතියක්ම ආවරණය වන පරිදි ICC ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා හෝ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වශයෙන් එම ත්‍යාගය ලබාදෙනු ලබනවා.

මේ අතර, ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහත කී කාණ්ඩවල 10 වැනි සහ 2 වැනි ස්ථාන අතර ශ්‍රේණිගත කිරීමකට ක්‍රීඩකයකු පැමිණියහොත් එවැනි ක්‍රීඩකයන් ද එක්වර ගෙවීමක් සිදු කිරීමට නියමිතයි.

එසේම මීට අමතරව, ජාතික කණ්ඩායමේ සහ ඉන් පිටත යන ක්‍රියාකාරකම්වලදී වඩා හොඳ සහයෝගයක් ලබා දීම සඳහා ගිවිසුම්ගත සියලුම ක්‍රීඩකයින් සඳහා දෛනික දීමනා වැඩි කිරීමට ද ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉහත කොන්දේවලට යටත්ව කොන්ත්‍රාත් පිරිනමන ලද ක්‍රීඩකයන් පහතින්,

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...