32 C
Colombo
Friday, March 31, 2023

Whatsapp කපුවා දරුවන් 20කට වඩා අපයෝජනය කරලා

- Advertisement -

දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් පුද්ගලයා ළමයින් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අපයෝජනය කර ඇති බව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (23) අනාවරණ විය.

සැකකරු ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.

උණවටුන, මැටරඹ ප්‍රදේශයේ දේවාලයක සුප්‍රසිද්ධ කපුවෙකු පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 10 වනදාය.

පසුව සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

නඩු විභාගය පැවති අද, කපුවාට එරෙහිව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී ජනතාව සාමකාමී විරෝධාවතාවක් පැවැත්වූයේ සැකකරුට හා ඔහුට ආධාර කළ බව කියන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමිනි.

ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතීඥයන් බහුතරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ස්වාධීනව පෙනී සිටි බවද වාර්තා විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම කපුවා වයස අවුරුදු 09ත් 17ත් අතර ළමයින් 20කට අධික සංඛ්‍යාවක් අපයෝජනය කර ඇති බවට සාධක පවතින බවය.

කපුවා විසින් අපයෝජනය කෙරුණු බව පැවසෙන දරුවන්ගෙන් තිදෙනෙකු හැර සෙසු සියලු දරුවන් තම මව්පියන් සමග නක්ෂත්‍ර කටයුතු සඳහා මොහු වෙතට පැමිණි අය බව එම නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබේ.

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල වැඩසටහන්වලට සහභාගීවීම තුළ සැකකරු ලැබූ ප්‍රසිද්ධිය හේතුවෙන් මව්පියන් තම දරුවන් නක්ෂත්‍ර කටයුතු සඳහා ඔහු වෙතට රැගෙනවිත් ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

සැකකරු අතින් අපයෝජනයට ලක්වූ දරුවන්ට මත්පැන් ලබාදී ඔවුන් කණ්ඩායම් වශයෙන් ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

කපුවා ඒවා රූගතකර විදෙස් වෙබ් අඩවිවලට යොමුකර ඇති බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළේය.

එමෙන්ම කපුවා විසින් අපයෝජනය කළ බවට පැවසෙන තවත් දරුවන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුනි.

සැකකාර කපුවා ලබන සැප්තැම්බර් 06 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළාය.


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...