අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රැජිනගේ පළමු පිළිරුව, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු අතින් පසුගිය දා නිරාවරණය කෙරුණි.
දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූයේ පසුගිය සැප්තැම්බර් 8 වැනිදායි.
එංගලන්තයේ යෝක් පළාතේය පිහිටා ඇති අඩි 6 ක් උසැති පිළිමය, ඉදි කිරීම සිදුවී ඇත්තේ රැජිනගේ අභාවයට පෙර පසුගිය අගෝස්තු මාසයේය. ඒ ඇය බ්‍රිතාන්‍ය රජ කිරුළ දරා වසර 70 ක් සපිරීම නිමිත්තෙන්.
මේ අතර, මැයි 9 දින ජනතාව විසින් කඩා දැමූ තංගල්ලේ ඩී.ඒ. රාජපක්ෂ පිළිමය යළි ඉදිකර පසුගියදා නැවත විවෘත කෙරුණා.
ඒ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
නව පිළිමය පසුගිය 3 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් තංගල්ල කාල්ටන් නිවසේ සිට මහවෙල පාර අයිනේ පිහිටි මුල් ස්ථානයට රැගෙන ගිය අතර නාමල් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිමාව කඩා ඉවත් කිරීමේ සිද්ධියට වගකිවයුත්තන්ට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.