32 C
Colombo
Friday, March 31, 2023

බලනකොට බිමට අල්ලපු ගල් ප්‍රසන්න රණවීරගේ බිරිදගෙ

- Advertisement -

කිරිබත්ගොඩ නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණයට අයත් රථගාල පසුගිය මාර්තු මස සිට වසා දමා තිබෙනවා.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එය ඉන්ටර්ලොක් ගල් අල්ලා නවීකරණය කිරිමයි.
කෙසේ වෙතත් මේ වන විට එය නවීකරණය කර අවසන්ව ඇතත් කැළණිය ප්‍රාදේශීය සභාව විසින් තවමත් එය විවෘත නොකර තබාගෙන සිටිනවා.
කිරිබත්ගොඩ පොදු වෙළෙද සංගමය චෝදනා කරන්නේ එළැඹෙන උත්සව සමයේදී තාවකාලික කඩ දැමීමට මෙම රථගාල යොදාගැනීමට ප්‍රාදේශීය සභාව උත්සහ කරමින් සිටින බවයි.
මෙම භූමියට ඇතුළු කැළණිය ප්‍රදේශයේ බොහෝමයක් මාර්ගවලට ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම සම්බන්දයෙන් අපූරු තොරතුරක්ද වාර්තා වනවා.
එනම් මැටි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මැදිහත්වීමෙන් අදාල අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෙරුණද එම කිසිදු මාර්ගයකට කොන්ක්‍රීට් හෝ තාර නොයෙදීමට වගබලාගන්නා බවයි.
ඒ අනුව එම මාර්ග ඉන්ටර්ලොක් ගල් අල්ලා ප්‍රතිසංස්කරණය කරන බවත් එම ඉන්ටර්ලොක් ගල් කම්හලද ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාගේ බිරිදට අයත් එකක් බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
කිරිබත්ගොඩ පොදු වෙළෙඳසැල් භූමියටද ලක්ෂ 55 ක වියදමක් දරා ඉන්ටර්ලොක් ගල් අතුරා සංවර්ධනය කර තිබීමද විශේෂත්වයක්.

ඊට අදාල දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...