26 C
Colombo
Tuesday, May 7, 2024

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

- Advertisement -

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට ඊයේ (25) සීල් තබා තිබෙන බවට වාර්තා වනවා.

කොකුවිල් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් මෙම මුදල වංචා කොට ඇති බවට යාපනයේ දුම්රිය නිලධාරීන් කෝපායී පොලීසියට පමිණිලි කර තිබූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ද මෙම වංචාව සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම පරීක්ෂණය සිදු කල නිලධාරීන්ගේ වාර්තාවට අනුව එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වී ඇති බවට හෙළි වී තිබුණා.

දුම්රිය බලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථනාධිපතිවරයාගේ සේවය මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඒ සම්බන්ධයෙන්ද පොලිසිය වෙත පමිණිල්ලක් යොමු කර තිබෙන බවට වාර්තා වනවා.

දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තබා එම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ට තමන්ට අවශ්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර යාපනය දුම්රිය ස්ථානයෙන් ලබා ගන්නා ලෙසටද දැන්වීමක් කොකුවිල් දුම්රිය ස්ථානයේ අලවා තිබෙනවා.

පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති අතර එම දුම්රිය ස්ථානයේ මුදල් වංචාවක් සිදුව ඇත්නම් දුම්රිය ස්ථානාධිපතිවරයා අත්අඅඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව කෝපායී පොලීසියේ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...