මේ වන විට දිවයින පුරා සිදුවන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේ විරෝධතාවක නිරත වුණා.
මෙම විරෝධතාවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ බොහෝ මන්ත්‍රීවරු සහභාගීවී සිටයා.
මෙහි විශේෂත්වය වන්නේ හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් එළිපෙහෙළි කිරීම සම්බන්දයෙන් නම කියැවෙන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අදාල විරෝධතාවයට එක්ව සිටිනු දක්නට ලැබීමයි.
‘කියත්මඟ’ යනුවෙන් විරෝධතා පුවරුවක්ද අතැතිව ඔහු මෙම විරෝධතාවයට එක්ව සිටිනු දක්නට ලැබුණා.



ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ තමන්ගේ ඉඩම හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් බවයි.
මෙම ඉඩම තමන්ගේ පියා විසින් තමන්ට තෑගි ඔප්පුවකින් ලබාදුන් ඉඩමක් බවත් අදාල ඉඩමට ඒමට පාරක් නොමැති බැවින් එම ඉඩමේ ඇති මානා පදුරු අයින් කිරීමට කටයුතු කල බවත් ඇය මෙහිදී සදහන් කළා.
කෙසේ වෙතත් අදාල ඉඩමට සිදුව ඇති හානිය පිළිබද වීඩියෝවක් මීට පෙර අප Channel 19 යුටියුබ් නාලිකාව හරහා විකාශය කළා.
එම වීඩියෝව පහතින්,