25 C
Colombo
Sunday, May 19, 2024

කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක කරනවා-පවිත්‍රා වන්නිඅරච්චි

- Advertisement -

කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වන සම්පත් සංරක්ෂණ ආමාත්‍ය පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ඊයේ(25) කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම මෙහිදී වනාන්තර ගිනි තැබීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙහිදී ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරුණු අතර ලැව්ගිනි නැවැත්වීමට ගිනි පටි කැපීම සහ ජල සම්පීඩක යන්ත්‍ර යොදා ජල පාලනය කළ යුතු බවත් වනජීවී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වනාන්තර සහ රක්ෂිත ගිනි ගැනීම් ඉහළ ගොස් තිබෙන බවත් ඉන් හෙක්ටයාර 6000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...