පවතින තත්වය ඉතාමත් බරපතල බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය පවසනවා.
ඒ, අද (19) කොවිඩ් 19 මර්දන පුරවැසි කාර්ය සාධක බලකාය විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින්.
තත්ත්වය පාලනයකින් තොරව මෙලෙස පැවතුණහොත් සෙසු ජනතාව ආසාදනය වී රෝහල්ගතවන විට ඔවුන්ට සේවය කිරීමට කාර්ය මණ්ඩලයක් ඉතුරු නොවනු ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
සිදුකළ යුත්තේ මෝචරි වැඩි කිරීම හෝ රෝහල් වැඩි කිරීම නොව පවතින ඒවා කළමනාකරණය කිරීම බවත් රෝගීන් වැඩිවන තරමට රෝහල් කාර්‍ය මණ්ඩලය වැඩි නොවන බව සිහිතබාගෙන කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කර සිටිනවා.
පවතින අර්බුදකාරී තත්ත්වය මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආසාදනය වීමෙන් සිදුවන්නේ රෝගී ජනතාවගේ ජීවිත අනතුරට ලක්වීම බව තේරුම් ගත යුතු බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.