27 C
Colombo
Thursday, May 2, 2024

අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රට පාලනය කරන්න බැහැ – වජිර

- Advertisement -

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

රටේ පාලනයට දායක වූ කිසිදු දේශපාලන පක්ෂයකට රට ණය උගුලක හිර කිරීමේ චෝදනාවෙන් නිදහස් වන්නට නොහැකි බවත්, අනුර ගත් ණය වර්තමානය වන විට රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙවමින් සිටින බවත් ඔහු සදහන් කළා.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණත් රට පාලනය කරන වකවානුවේදී ලබා ගත් ණය වර්තමානය වන විට රනිල් වික්‍රමසිංහ විසින් ගෙවා දමමින් සිටින බවත්, ඔවුන් තනතුරු දැරූ සමයේ විවිධ රටවලින් ලබා ගත් ණය මෙලෙස ගෙවමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

ගමට ගිහින් බය නැතුව කියන්න ජනාධිපතිවරණය දිනන්න පෙහොට්ටුවේ ආශිර්වාදය තියෙන්න ඕන කියලා- මහින්ද

මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන...

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...