29 C
Colombo
Saturday, May 18, 2024

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

- Advertisement -

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත සින්නක්කර ඔප්පු 1340ක් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් ලොහාන් රත්වත්තේ මහතා මේ බව සඳහන්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් රටේ ජනතාවට සේවය කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමා ආඩම්බර වන බව ලොහාන් රත්වත්තේ මහතා මෙහිදී පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා,

“ ගරු ජනාධිපතිතුමනි, මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. මම කිසිදා විශ්වාස කළේ නැහැ ඔබතුමාගේ රජයක ඇමතිකමක් භාරගෙන ඔබතුමා සමග සම්බන්ධ වි වැඩකිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් මේ රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබතුමා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර රට ඉදිරියට ගෙන යාමේ අඩිතාලම දැමුවා. අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. ” යනුවෙන් ඔහු එහිදී කියා සිටියා.”

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...