26 C
Colombo
Sunday, May 19, 2024

ලොකුගේ සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් පිරික්සන්න යයි

- Advertisement -

මෝඩයෝ රැළක් මැද ඉන්න එකම උගතා තමා යැයි ප්‍රකාශ කරන හෙයින් සියලු අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේදී ඊයේ (01) අභියෝගයක් කර තිබෙනවා.

ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට චෝදනාවක් එල්ල කෙරුණු අවස්ථාවේදී ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කර තිබුණා.

ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ,

මෙතන මේ සියලු දෙනා පත්වෙලා තියෙන්නේ ජනතා ඡන්දයෙන්. විපක්ෂ නායක තුමා කියන විදියට මෙතන ඉන්න අනෙක් සියලු දෙනා නූගත් අය. එතුමා විතරයි උගතා. මම දන්නවා එතුමාගේ එතුමා ගේ පියාට වඩා අධ්‍යාපනය ලබපු අය තමයි මෙතන ඉන්නේ. එතුමාගේ පියා මේ රටේ ජනාධිපති වුණා. එතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මේ රටේ මිනිස්සු දන්නවා. ඔබතුමා අනිත් අයගේ අධ්‍යාපන සුදුසුකම් බාල්දු කරනවා නම් ඔබතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්න. මොකද මේ සියලු විවාද රූපවාහිනිය යනවා. එතකොට මිනිස්සු හිතන්නේ මෝඩයෝ රැළක් මැද ඉන්න එකම උගතා මෙයා කියලයි. මෙතුන් මෙතන ඉන්න සියලු දෙනා මෙතුමා ගේ පියාට වඩා අධ්‍යාපනය ලබපු අය. මම ඔබතුමාට අභියෝග කරනවා තමුන්නාන්සේගේ අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්න.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...