29 C
Colombo
Saturday, July 27, 2024

‘ආදරේ’ අත්අඩංගුවට

- Advertisement -

පසුගිය මැයි 08 වනදා රාත්‍රියේ අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම තැබීමට වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙක්.

කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,150ක් ද සොයාගෙන තිබෙනවා.

අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 08 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් නිවසක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා පළාගොස් තිබුණා.

එහිදී කීර්ති ආබෲ නැමැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔහු මේ වනවිට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදීශ ආබෘෘ හෙවත් ‘අහුංගල්ලේ බබා’ නමැත්තාගේ පියා බවට අනාවරණය වුණා.

මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය කොස්ගොඩ ප්‍රදේශයේ ඉඩමක ගිනි තබා විනාශකර තිබිය දී පොලිසිය විසින් පසුව සොයා ගත්තා.

මේ අතර වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් කීර්ති ආබෲ නමැත්තාට වෙඩිතබා පළායන අවස්ථාවේ දී ඊට ආසන්න තවත් නිවසකට ද වෙඩි තබා පළාගොස් ඇති බවට වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...