සුඛෝපභෝගී මගී නෞකාවක් වන රිසිලියන්ට් ලේඩී අද (13) උදෑසන කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.
ඉන්දියාවේ සිට පැමිණි මෙම නෞකාව දිගින් මීටර 278 ක් වන අතර එය මඟීන් 2,324 දෙනෙකුගෙන් සහ කාර්ය මණ්ඩලයේ 1,145 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.
වාරය ආරංචි මාර්ගවලට අනුව මෙම නෞකාව අද පස්වරුවේ යළි තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.
බහමාස් ධජය යටතේ පැමිණි මෙම නෞකාවේ මගින් ගාල්ල සහ කොළඹ අවට සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙනවා .