29 C
Colombo
Saturday, July 27, 2024

අතුරු තහනම ගැන මෛත්‍රීගේ තීරණය

- Advertisement -

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ද දහවල් වෙනකොට දැනගන්න ලැබුණු දෙයක් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අධිකරණයට ගිහිල්ලා අතුරු තහනම් නියෝගයක් අරගෙන තියෙනවා මාව සභාපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා ලබන 18 වනදා දක්වා ඒ තහනම් නියෝගය ක්‍රියාත්මක වන බව මාධ්‍ය තුළින් මා දැක්කා. ඒ ඇරෙන්න තවම මේ වෙනකල් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් කඩදාසි කිසිවක් අපිට තවම ලැබිලා නෑ. ශ්‍රී නිදහස් පක්ෂ ඉතිහාසයේ මෙවැනි අභියෝග අලුත් දේවල් නෙවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, කුමාරතුංග මහත්මයා, අනුර බණ්ඩාරනායක මහත්මයලා ඔය ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා අලුත් පක්ෂ හදාගෙන 1977න් පස්සේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වුණාට පස්සේ ඒගොල්ලෝ වෙනම හැසිරිනු නිසා අපිට අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්න සිද්ධවුණා.

අපේ පක්ෂය තුළ හිටපු මන්ත්‍රීවරු 14 දෙනාගෙන් මන්ත්‍රීවරු 11 දෙනෙක් ගිහින් තිබෙනවා ආණ්ඩුවට. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයක් අරන් තිබුණා අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කියලා හිටපු වෙලාවේ. ඒවා නොසලකා ඇමති තනතුරුවලට තියෙන කෑදරකම නිසා මිසක්  රටටවත් පක්ෂයටවත් ජනතාවටත් ආදරයකට නෙවෙයි ගියේ.

බුලත් කොළය සහ පුටුව අපේ සන්ධාන ලකුණු දෙකම තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අයගෙන් ඉල්ලුවට දුන්නේ නෑ. මධ්‍යම කාරක සභාවේ අවස්ථා 3කදී ඒ පොරොන්දුවීම් කඩකළා. මොන අභියෝග ආවත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු පිරිසක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු අපි සිදුකරනවා. ඉදිරියේදී එක් පැත්තකින් අධිකරණයට කරුණු කියනවා වගේම අපි ජනතාවට නිවැරදි තත්ත්වය කුමක් ද කියන එක කියනවා.”


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...