27 C
Colombo
Sunday, May 19, 2024

මෛත්‍රිපාල සිරිසේනගේ හොරකම් ගැන ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂම හෙළි කරයි‍‍

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතා ජනාධිපති ධූරය දරන සමයේ ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ ඕෂල හේරත් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

ඔහු පවසන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දරණ සමයේ ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට අයත් Red Cherry හා Media Gang යන දැන්වීම් ප්‍රචාරක ආයතනවලට ජනාධිපති මාධ්‍ය ඒකකයේ කොන්ත්‍රාත් රැසක් ලබාදුන් බවයි.

ඒම කරුණ පමණක්ම මෛත්‍රිපාල සිරිසේන මහතා කෙතරම් දූෂිත පුද්ගලයෙක්දැයි වටහා ගැනීමට ප්‍රමාණයත් බවට ඕෂල හේරත් මහතා සදහන් කරනවා.

2018 වසරේදී අනිද්දා පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණියවන චතුරිකා සිරිසේන මහත්මියට අයත් සුරාසැලක් පිළිබදව තොරතුරු වාර්තා කළා.

ඊට අනුව පොළොන්නරුව බැඳිවැව විසිතුන්වන සැතපුම් කණුවේ පිහිටි චතුරිකා සිරිසේනට අයත් ‘තිදස් අරණ’ හෝටලයට චතුරිකා සිරිසේන මහත්මිය සිය පියා ජනාධිපතිවරයා වූ පසුව මත්පැන් බලපත්‍රයක් ලබාගෙන තිබුණා.

2015.06.16 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම හෝටලයට සංචාරක මණ්ඩලයේ A ශ්‍රේණියේ අනුමැතියද සහිතව මෙම බලපත‍්‍රය ලබාගෙන ඇති අතර බලපත‍්‍ර හිමිකාරිය වශයෙන් සදහන් වන්නේ පල්ලේවත්ත ගමරාලලාගේ දර්ශණි චතුරිකා පල්ලේවත්ත යන නාමයයි.


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...