30 C
Colombo
Saturday, May 4, 2024

මාලිමා අපේක්ෂකයෙක් විහාරස්ථානයකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දීලා

- Advertisement -

පාර හරස් කර නවතා තිබූ ලොරි රථයක් ඉවත් කරවීමට ගත් උත්සාහයක් නිසා බහින් බස් වීමක් දුරදිග යෑමේ හේතුව නිසා අනුරාධපුර අභය වැව විහාරස්ථානයට කඩා වැදුණු ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් වන ලලිත් විතාරණ ඇතුළු පිරිසක් එම විහාරස්ථානයේ සිටි පුද්ගලයෙකුට පහර දී තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස පහර කෑමට ලක් වූ පුද්ගලයා ආරණ්‍ය සේනාසනයක ස්වාමීන් වහන්සේ නමකගේ රියදුරු වශයෙන් සේවය කරන අතර, ඊයේ (22) දින විහාරස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලා කිහිප නමක් විභාගයකට වඩම්මවා නැවතත් විහාරය වෙත පැමිණෙමින් සිටියදී මාර්ගය හරස් වීම නිසා එම ලොරි රථය මදකට ඉවත්කර ගන්නැයි පැවසූ අවස්ථාවේ බහින් බස් වීමක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු වාහනය රැගෙන විහාරස්ථානය වෙත පැමිණ වාහනය නැවතීමට පෙරාතුව පුද්ගලයන් 8 දෙනකු පමණ පැමිණ අවි ආයුධ, මන්න, යකඩ පොලු, පිහි, සවල් ආදී ආයුධ කිහිපයකින් මොහුට සහ එම විහාරස්ථානයේ ලියන මහත්තයා බව කියන අයෙකුට පහර දී තිබෙන බවත් සදහන් වනවා.

අනතුරුව බෙල්ලට පිහියක්ද තබා මරණ තර්ජනය කර ඇති අතර, ඔහු විසින් මේ සම්බන්ධව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි සදහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...