28 C
Colombo
Saturday, May 4, 2024

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් මරුට

- Advertisement -

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ ගෝපාල් රාඕ නැමති ඉන්දීය ජාතිකයෙක්.

31 දෙනෙකුගෙන් සමන්විත පිහිණුම් කණ්ඩායමක් අද (23)  අලුයම ශ්‍රී ලංකාවේසිට ඉන්දියාව වෙත සහාය පිහිණුම් ඉසව්වක් සංවිධානය කර තිබුණා.

එම තරගය අතරතුර ගෝපාල් රාඕ සංවිධායකයින් වෙත දැනුම්දී ඇත්තේ තමන්ට ශ්වසන අපහසුතාවයක් ඇති බවය.

කෙසේවෙතත්, එහිදී අදාළ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා

මෙම සිදුවීමත් සමග සංවිධායකයින් විසින් එම පිහිනීමේ ඉසව්ව අවලංගු කර නැවත ඉන්දියාව බලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇති ගෝපාල් රාඕ නැමති පුද්ගලයා පළපුරුදු පිහිනුම් ක්‍රීඩකයෙකු බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...