සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ ඉකුත් 08 වැනිදා කෝප් කමිටුවේදී අනාවරණය වූ කරුණු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය ලබාදෙන වාර්තාවෙන් පසුව විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බවයි.
2007 වර්ෂයේදී පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට රු. 1,494,543 ක් මූලික වියදම් ලෙස දරා තිබුණද, එම ඉදිකිරීම් ආරම්භ නොකිරීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමුකොට තිබුණා.
එසේම නව වෛද්‍ය පීඨවල වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ කමිටුවේ අවධානය යොමු කළ බවද නිවේදනයේ සඳහන්.
පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගැටලු හා විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය හා ක්‍රීඩාගාරයේ වර්තමාන තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ අවස්තාවේදී මේ බව අනාවරණය වි තිබුණා.