25 C
Colombo
Sunday, May 19, 2024

ඇෆ්ගනිස්තානයේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ ඉහළට

- Advertisement -

තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ අධික ලෙස ඉහළ ගොස් ඇති බව ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලය (UNAMA) සිය වාර්තාවක් මගින් හෙළි කර තිබේ.

එහි සදහන් වන්නේ ගතවූ කාලසීමාවේ දී අවම වශයෙන් මාධ්‍යවේදීන් 200 දෙනෙකුගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවයි.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා වූ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් UNAMA පැවසුවේ මාධ්‍ය මර්දනය රට තුළ තවමත් පවතින බවත්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ බිය ගැන්වීම් කාබුල්හි මාධ්‍යවේදියෙකුගේ ජීවිතයේ කොටසක් බවයි.

තම දූත මණ්ඩලය විසින් 2021 අගෝස්තු මාසයේ සිට ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන් 200 කට අධික සංඛ්‍යාවකගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වාර්තා කර ඇති බවද එම සංවිධානය හෙළි කළේය.

වාර්තා කර ඇති ඉහළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අතර අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, අයහපත් ලෙස සැලකීම, තර්ජන සහ බිය ගැන්වීම් ඇතුළත් වන බව වාර්තාවේ සදහන් වේ.

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය අනතුරේ බවත් සැවොම මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ට එරෙහි මර්දනය අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් එහි දැක්වේ.

මේ අතර මෙම වසරේ ලොව පුරා මාධ්‍යවේදීන් 70 කට වැඩි පිරිසක් ඔවුන්ගේ රැකියාව හේතුවෙන් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...