31 C
Colombo
Wednesday, May 1, 2024

මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්

- Advertisement -

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (17) ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවීමට නියමිතයි.

එමෙන්ම මුදල් අමාත්‍යවරයා අද දිනයේ ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි මහතා හමුවීමටද කටයුතු යොදා ඇති බව වාර්තාවනවා.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර් මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වී තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දෙරටේ ආර්ථික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි.

මෙරට ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව ප්‍රතිචාර දක්වන බවද ඔහු එහි සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ ලේකම් හර්ශ් වර්ධන් ශ්‍රිංග්ලා ද හමුවුණා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාල ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

අසාම් අමීන් බීබීසීයෙන් ඉවත් කිරීමට කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව

බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ...

යාපනයේ සිදු වූ බිහිසුණු අනතුර

කටුනායක ගුවන් තොටුපලේ සිට විදේශිය සංචාරකයින් පිරිසක් රැගෙන එමින් තිබූ වෑන් රථයක් යාපනයේ නුනාවිල් ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයක් පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. සිදුවු මෙම...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...