31 C
Colombo
Tuesday, November 29, 2022

මාස ගණනක් මැදපෙරදිග සිර වූ ලාංකිකයන්ගෙන්- 523 දෙනෙක් අද ගෙන්වාගෙන

- Advertisement -

රජය විසින් මාස ගණනක් තිස්සේ ලංකාවට ගෙන්වා නොගැනීම නිසා මැද පෙරදිග සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 523 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ ඉන්දියාවේ සිට ඒම පිරිස දිවයිනට පැමිණ ඇති බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 300ක්, කටාර් සිට පුද්ගලයින් 127ක් සහ ඉන්දියාවේ සිට පුද්ගලයින් 96ක් මෙලෙස පැමිණ තිබේ.

මීට අමතරව අද දිනය තුළ තවත් ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු චීනයේ  සහ ජර්මනියේ සිට දිවයිනට පැමිණිමට නියමිත බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

එලෙස පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතය.

පසුගිය කාලසීමාවේ මැදපෙරදිග රටවල්වල සිර වී සිටි ලාංකිකයන් තමන් ලංකාවට ගෙන්වාගන්නා ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළේය. ඇතැම් ලාංකිකයන්ට රැකියා අහිමිව මාවත්වල සිටින බව වීඩියෝ සහ ඡායාරූප පළ විය.

RECENT ARTICLES - SINHALA

ඉලෝන් මස්ක් ළඟත් මහින්දගේ වශී බෝලයක්

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් සිය නිල ට්විටර් ගිණුමේ තමන්ගේ නිදන කාමරයේ ඇඳ අභියස ඇති දෑ පිළිබදව ඡායාරූපයක් පලකර තිබෙනවා.

අදත් ගාලු මුවදොරෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

0
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා. පොලීසිය කියා සිටියේ එම මියගොස් සිටින පුද්ගලයා...

අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුල් වූ තවත් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

0
අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බවට සැකපිට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

RECENT ARTICLES - ENGLISH

Doctors’ retirement age: Cabinet issued notices to appear before the Court

0
The Court of Appeal today issued notices to the Cabinet to appear before the Court over the decision to set the compulsory...

Immigration Department instructed to provide documents related to MP Diana Gamage’s citizenship

0
The Court of Appeal instructed the Controller General of Immigration and Emigration to submit documents related to State Minister Diana Gamage's citizenship.

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...