27 C
Colombo
Thursday, May 2, 2024

ඇමති ධම්මික තවත් බලවත් වෙයි..!

- Advertisement -

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට තවත් සමාගම් කිහිපයක් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රක්නා ලංකා ආරක්ෂක සමාගම, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම ඊට අයත්ය.

ජයට අනුබද්ධ පෞද්ගලික ආරක්ෂක සේවාවක් වන රක්නා ලංකා සමාගම මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අතර සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පැවතුණි.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පසුගියදා දිවුරුම් දුන්නේය.

එවක රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය හමුවේ ආර්ථික මර්මස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු විශේෂ ස්ථාන තුළ ආරක්ෂාවට යොදවා සිටි සන්නද්ධ හමුදා සාමාජිකයන් එම ස්ථානවලින් ඉවත් කර නීතිය හා සාමය රැකීමේ කටයුතු සඳහා යෙදවූ බැවින් ඉහත කී ආයතනවලට ආරක්ෂාව සැපයීම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවීමට කටයුතු කළ බව 2016 දෙසැම්බර් 07වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළි කෙරිණ.

රට තුළ පවතින සාමකාමී වාතාවරණය යටතේ රජයට අනුබද්ධ පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව පෙනී ගොස් ඇති බැවින් සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ඉටු කළ ලබන ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ද සාගර ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද පැවරීමටත් නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සමාගම ඈවර කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම වසා දැමීමට ගෙන තිබූ තීරණය ඉවත්කර එම ආයතනය යළි සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන ලෙසට 2017 මැයි මස පැවැති ආරක්ෂක අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දී ඇත.

එම ආරක්ෂක සමාගමේ ගොඩබිම් හා මුහුදු ආරක්ෂකයන් ලෙස 1500කට ආසන්න පිරිසක් සේවය කරන බැවින් සහ රණවිරුවන් වැඩි සංඛ්‍යාවකට මෙහි රැකියා ලබාදීමටද අපේක්ෂා කෙරෙන බැවින් සමාගම යලි පිහිටුවන ලෙසයි සමාගම ඈවර කිරීමට යෝජනා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම නැවත දැනුම් දී ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...