27 C
Colombo
Thursday, March 30, 2023

ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති ලෙස නාමල් පත්කෙරේ

- Advertisement -

ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (22) තේරී පත් වුණා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පුනර්ජීවන රැස්වීමේදී මෙම පත්වීම සිදුකර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පත් කෙරුණා.

දෙරට අතර මිත්‍රත්වය පුනර්ජීවනය කිරීමේ අරමුණින් පැවති මෙම රැස්වීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හෝං මහතා සහභාගී වුණා.

(ආචාර්ය) උපුල් ගලප්පති, අරවින්ද් කුමාර් සහ සෙල්වම් අඩකලානාදන් යන මහත්වරුන් නියෝජ්‍ය සභාපති ලෙස තේරී පත් වූ අතර, නියෝජ්‍ය ලේකම් ලෙස මොහොමඩ් මුසම්මිල් සහ භාණ්ඩාගාරික ලෙස ඉෂාක් රාහුමාන් යන අය තේරී පත් වී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා ක්‍රි.පූ. 206 තරම් අතීතයට දිව යන බවත් 1957 දී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වූ දා සිට දෙරට අතර ඉතා ගැඹුරු හා විවිධත්වයකින් යුත් සම්බන්ධතාවයක් පවතින බවයි.

COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීමට චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ශක්තිමත් සහයෝගය කතානායකවරයා මෙහිදී අගය කළ අතර ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ආරක්ෂා කිරීමේ මූලික මූලාශ්‍රය චීනය බවද පවසා සිටියා.

කථානායකවරයා කියා සිටියේ 8 වන පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට චීන රජයෙන් ලබා දුන් අධ්‍යාපන චාරිකාව හේතුවෙන් 2016 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන්ටත් චීනයේ සංචාරය කිරීමට අවස්ථාව ලැබුණු බවයි.

රැස්වීම අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති‍ ක්වි ෂෙන්හෝං මහතා ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් එක් කළා.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...