27.1 C
Colombo
Sunday, June 16, 2024
spot_img

මදුරන්කුලියේ අතුරුදහන් වු දරුවා හමුවෙලා

- Advertisement -

මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය පවසනවා.

මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී තිබෙනවා.

ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී ආච්චිඅම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබුණා.

මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබුනු බව පොලීසිය පවසනවා.

ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පවසා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

පොදු ප්‍රවාහනයට අලුත් වෙනසක්

පොදු ප්‍රවාහනයට විද්‍යුත් වාහන හඳුන්වාදීම සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවාහන...

උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ මහින්ද රාජපක්ෂ – නාමල්

කොටි ත්‍රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට නියම නිදහස ලබා දුන්නෙ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරමක තොරතුරු එළියට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර, ගොඩගම පිහිටි...

POPULAR ARTICLES

ට්‍රැෆික් පොලීසියට කල්ල මරේ

රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා චක්‍ර ලේඛයක් පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...