27 C
Colombo
Wednesday, May 8, 2024

නෙදර්ලන්ත පන්තිකාමරවලින් ජංගම දුරකථන ඉවතට

- Advertisement -

ලබන වසරේ ජනවාරි 1වනදා සිට නෙදර්ලන්තයේ පන්ති කාමරවලින් ජංගම දුරකථන, ටැබ්ලට් සහ ස්මාර්ට් ඔරලෝසු බොහෝ දුරට තහනම් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

නෙදර්ලන්ත රජය මෙම නියෝගය අඟහරුවාදා ප්‍රකාශ කළේ පාඩම් අතරතුර අවධානය වෙනතකට යොමු කිරීම සීමා කිරීමේ උත්සාහයක් ලෙසින් වන අතර උපාංග සඳහා අවසර දෙනු ලබන්නේ ඒවා විශේෂයෙන් අවශ්‍ය නම් පමණක් වන බවයි සඳහන් වන්නේ.

උදාහරණයක් ලෙස ඩිජිටල් කුසලතා පිළිබඳ පාඩම් අතරතුර, වෛද්‍ය හේතූන් මත හෝ ආබාධ සහිත පුද්ගලයින් සඳහා මෙම උපකරණ භාවිත කළ හැකියි.

“ජංගම දුරකථන අපගේ ජීවිත සමඟ බද්ධ වී තිබුණත් ඒවා පන්ති කාමරයට අයත් නොවේ” යැයි එරට අධ්‍යාපන අමාත්‍ය Robbert Dijkgraaf නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ, “සිසුන්ට අවධානය යොමු කිරීමට හැකි විය යුතු අතර හොඳින් ඉගෙනීමට අවස්ථාව ලබා දිය යුතුය. ජංගම දුරකථන බාධාවක් බව විද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දෙයි. අපි මෙයින් සිසුන් ආරක්ෂා කළ යුතුයි.” යනුවෙන්.

මෙම තහනම අමාත්‍යාංශය, පාසල් සහ අදාළ සංවිධාන අතර ඇති කර ගත් එකඟතාවක ප්‍රතිඵලයක් බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා.

මෙය ක්‍රියාත්මක කිරීමට පාසල්වලට තමන්ගේම ක්‍රමයක් සොයා ගත හැකි බව ඩිජ්ක්ග්‍රාෆ් පවසා තිබුණ ද, මෙය ලබන වසරේ ගිම්හානය වන විට ප්‍රමාණවත් ප්‍රතිඵල ලබා නොදෙන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...