28 C
Colombo
Saturday, June 22, 2024
spot_img

මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රීඩකයෙකුටත් කොවිඩ්

- Advertisement -

තරඟ සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට එංගලන්ත – වේල්ස ක්‍රිකට් මණ්ඩලය පවසනවා.
පසුගිය ඉරිදා ඔවුන් දිවයිනට පැමිණීමෙන් පසුව සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිපල අනුව ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හදුනාගෙන තිබෙනවා.
එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ නිරෝධායනය පිළිබදව ශ්‍රී ලංකා රජයේ මාර්ගෝපදේශයන්ට අනුව මොයින් අලී දින 10 ක කාලයක් ස්වයං හුදකලාව සිට වැඩිදුර පරීක්ෂණ සදහා යොමුවිය යුතු බවයි.
එමෙන්ම අලීගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස එංගලන්ත කණ්ඩායෙමේ ක්‍රිස් වෝක්ස් හදුනාගෙන ඇති අතර ඔහුද ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
හෙට (05) දිනයේ එංගලන්ත කණ්ඩායම දෙවන වතාවටත් PCR පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි.


වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

ඔක්තෝබර් 12 ට කලින් ජනාධිපතිවරණය තියන්න ඕන – වජිර

ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ලේදී එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ පැවති හමුවකදී ඒ මහතා...

සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට...

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගේ කතාවකට ජාජබ නීතිඥයින්ගෙන් නඩුවක්?

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පැවරීමට සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසා ඇති බවට...

POPULAR ARTICLES

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය​ට නව මේජර්වරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහ​තා පත් කර තිබෙනවා. අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකරනු ලැබුවා....

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...

ලන්ඩන් රැස්වීමට අනුර සෙනඟ ඇද්දේ බස්වලින් – සමන් රත්නප්‍රිය

0
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වූ ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක සෙනඟ රැස්කර ඇත්තේ සුපුරුදු පරිදි බස්රථවලින් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා...