27 C
Colombo
Tuesday, May 21, 2024

කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි

- Advertisement -

ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017 වර්ෂයේ මැයි මස 2වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, ව්‍යාපෘති කළමනාකරණ උපදේශක සේවා පිරිනැමීම සඳහා 2019 දෙසැම්බර් මස 18 වැනි දින අනුමැතිය සඳහා ලබාදී තිබුණා.

උපදේශක සේවා ආයතන විසින් සකස් කරනු ලැබ ඇති ඇස්තමේන්තු ගත පිරිවැය අදාල ණය මුදලට වඩා වැඩිවීම හේතුවෙන් ව්‍යාපෘතියෙහි කටයුතු අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි රජය පවසනවා.

එබැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ එම ව්‍යාපෘතිය නිම කිරීමේ හැකියාව පිළිබඳව ඉන්දීය රජය සමඟ තවදුරටත් සාකච්ඡා කරනු ලැබ ඇතැයි ද රජය සඳහන් කරනවා.

ඒ අනුව, ව්‍යාපෘතියෙහි වැදගත්කම සැලකිල්ලට ගෙන එහි සමස්ත ඇත්තමේන්තු ගත පිරිවැය  මූල්‍ය ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය එකඟතාවය පළ කර තිබෙනවා.

එම මූල්‍ය ප්‍රදාන බාර ගැනීමටත් ඒ සඳහා වන අදාළ ගිවිසුම් වලට එළඹීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

‘යුක්තියෙන්’ මිනුවන්ගොඩ තරුණයෙක් එළොව යවලා

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ පසු වූ තරුණයෙකු අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවේදි අසාධ්‍ය වී රෝහලගත කරන විට මිය ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ හොරම්පැල්ල,වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 27...

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...