32 C
Colombo
Sunday, May 5, 2024

අප්‍රිකාවේ ළිං 100ක් ඉදි කළ You Tube තරුව

- Advertisement -

අප්‍රිකාව තුළ පානීය ජලය හිඟ ප්‍රදේශ සඳහා ළිං 100ක ප්‍රමාණයක් ඉදි කර දීමට Mr. Beast නමැති යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන ඇමරිකානු ජාතික ජිමී ඩොනල්ඩ්සන් ඉදිරිපත් වී තිබෙනවා.

අප්‍රිකානු කලාපය තුළ මෙලෙස ළිං100ක ප්‍රමාණයක් ඉදි කිරීම දැක්වෙන ඔහුගේ වීඩියෝවට ප්‍රතිචාර වශයෙන් ප්‍රශංසනාත්මක අදහස් මෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ අදහස්ද මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ජිමීගේ  මූලිකත්වයෙන් තනා ඇති මෙම නව ළිං මඟින් කැමරූන්, කෙන්යාව, සෝමාලියාව, උගන්ඩාව සහ සිම්බාබ්වේ යන රටවල ජීවත්වන 500,000 ක පමණ පිරිසකට පිරිසුදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම, ජිමී විසින් කෙන්යාවේ පාසල් සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ, පරිගණක සහ අනෙකුත් අධ්‍යාපනික උපකරණ පිරි නමන අයුරුද ඔහුගේ මෙම මිනිත්තු 10ක වීඩියෝව තුළ අන්තර්ගත කර තිබෙනවා.

ළිං 100යක ප්‍රමාණයක් ඉදිකිරීමට අමතරව ජිමී කෙන්යාවේ ගම්මානයක වෙසෙන ජනයාට ප්‍රාදේශීය පාසල සහ රෝහල වෙත ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි පාලමක් ඉදි කිරීමටද කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත්, 25 හැවිරිදි යූ ටියබ් නිර්මාණකරුවෙකු වන ජිමීගේ මෙම ක්‍රියාව තුළින් කෙන්යානු රජය එරට ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම කෙරෙහි කොතෙක් දුරට අසමත් වී ඇතිද යන්න මැනවින් පැහැදිලි කරන බව කෙන්යානු සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් පෙන්වා දෙනවා.

මේ අතර, අප්‍රිකාවේ ජල යටිතල පහසුකම් සහ සනීපාරක්ෂාව ඉහළ නැංවීම සඳහා කටයුතු කරන සංවිධානයක් වන FACE Africa හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Saran Kaba Jones ජිමීගේ මෙම ක්‍රියා සම්බන්ධයෙන්  අදහස දක්වමින් පවසා ඇත්තේ, මෙලෙස පානීය ලබා දීමට වසර 15ක් තිස්සේ ඔවුන් උත්සාහ කර තිබුණත් අවශ්‍ය තරම් අරමුදල් මෙන්ම අවධානයක් නොමැති වීම හේතුවෙන් එය සාර්ථක කරගැනීමට ඔවුනට නොහැකි වී ඇති බවයි.

එ නමුත්, අප්‍රිකාවට පැමිණ ළිං 100ක් ඉදි කිරීමට කටයුතු කළ සුදු ජාතික යූ ටියුබ් කරුවෙකු එක රැයකින් සියලු දෙනාගේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර එය තරමක් කළකිරවන සුළු තත්වයක් බවද ඇය පවසා  තිබෙනවා.

පිරිසුදු ජල අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරවීම සම්බන්ධයෙන් ඇය ජිමීට ප්‍රශංසා කළත් ඇය තවදුරටත් අවධාරණය කර ඇත්තේ මෙලෙස ළිං බොහෝමයක් ඉදි  කළත් සැබෑ  අභියෝගය වන්නේ ඒවා ඉදිරි වසරවලදීද ජනතාවගේ ප්‍රයෝජනයට ගත හැකි අන්දමින් පවත්වා ගැනීම  බවයි.  

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...