කොළඹ ජාතික රෝහලේ විකිරණවේදීන් 13 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ MRI සහ CT ස්කෑන් අංශ වසා දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
රජයේ රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙකු පමණ මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති අතර ඉන් 13 දෙනෙකුම කොළඹ ජාතික රෝහලෙන් වාර්තාවීම විශේෂත්වයක්.
මෙම තත්වය හේතුවෙන් රජයේ රෝහල්වල විකිරණ කටයුතු පවත්වාගෙන යාම සැලකිය යුතු ලෙස අඩාලවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.