පසුගිය සති කිහිපයේ දැඩිලෙස ආණ්ඩුව විවේචනය කරන ලද නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පාකිස්ථාන සංචාරයක් නිමාකරමින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම සංචාරය සඳහා රජය විසින් පහසුකම් සපයා ඇති අතර පකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ලද අවස්ථාවකට අනුව
මෙම සංචාරය සංවිධානය කරදී තිබෙනවා.
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලාංකිකයන්ට එරට බෞද්ධ සිද්ධස්ථාන වැළ පුදා ගැනීම සදහා
ආරාධනා කෙරුණා.
ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ එම සිද්ධස්ථාන පිළිබඳව සොයා බැලීමට මෙම භික්ෂුන් වහන්සේලා පිරිස මේ මස 19 වන දින පකිස්තානය බලා පිටත්ව ගියා.
මෙම කණ්ඩායමට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිද සහභාගී වී සිටියා.


