28 C
Colombo
Saturday, May 4, 2024

බංග්ලාදේශ වාර්තා පොත අලුත් කළ මුෂ්ෆිකූර් රහීම්

- Advertisement -

බංග්ලාදේශයේ මුෂ්ෆිකූර් රහීම් අද (06) නවසීලන්තය සමග ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී දැවී ගියේ ක්‍රිකට් වාර්තා පොතට සිය නම එක්කරමින්.

ඩකාහි පැවැත්වෙන එම තරගයේ පළමු ඉනිමේදී ඔහු දැවී ගියේ “පන්දු රැකීමට අවහිර කිරීම” හේතුවෙන්.

එවැනි ආකාරයකට ටෙස්ට් ක්‍රිකට් තරගයකදී දැවී ගොස් ඇති දෙවැනි පිතිකරුවා ඔහු වීම විශේෂත්වයක්.

තරගයේ 41 වැනි පන්දු වාරයේදී ඔහු කයිල් ජැමීසන් එවූ පන්දුවකට ආරක්ෂාකාරී පහරක් එල්ලකරන අතර, එහිදී පන්දුව කඩුල්ල දෙසට යන බවක් පෙනුණු අතර වහා ක්‍රියාත්මක වූ මුෂ්ෆිකූර්, එහිදී සිය අත් ආවරණයෙන් පන්දුව ඉවතට තල්ලු කරනු ලැබුවා.

එවිටම නවසීලන්ත පන්දු රකින්නන් මුෂ්ෆිකූර්ට එරෙහිව ඉල්ලීමක් කළ අතර, පිටියේ සිටි විනිසුරුවන් එම ඉල්ලීම තෙවැනි විනිසුරුට යොමුකළ අතර විනිසුරු අහෂන් රාසා එය දැවීයාමක් ලෙස නම් කළා.

එංගලන්තයේ ලෙන් හටන්ද එම වරදට 1951දී දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයකදී දැවී ගියා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...