28 C
Colombo
Friday, January 28, 2022

මුළු අවුරුද්දෙම නාඩු රු. 105ට දෙනවා – ඇමති බන්දුල

- Advertisement -

වෙළඳපොලේ සහල් මිල කෙතරම් ඉහළ ගියද ඉතා අඩු මිලට සහල් අලෙවි කිරීමට සතොස හරහා කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (13) දින අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

ඒ අනුව, මෙම වසර අවසන් වනතෙක් නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට අඩුවෙන් සහ සුපිරි සම්බා කිලෝවක් රුපියල් 130 ට අඩුවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

වසර අවසානය තෙක් ඊට වඩා සතයක් හෝ මිල ඉහළ නොදමන බවත් ඒ පිළිබඳව වගකීම වෙළඳ අමාත්‍යවරයා ලෙස තමා බාර ගන්නා බවත් ඉදිරි කාලයේදී සතොස අලෙවිසැල්වල අලෙවි කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් සහල් තොග මේ වනවිටත් රැස් කරගෙන ඇති බවත් ඔහු පවසනවා.

මේ අතර, සතොස හරහා මුං ඇට කිලෝවක් රුපියල් 225 බැගින් අලෙවි කරන බවද බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ආණ්ඩුව ගොවීන්ගෙන් රුපියල් 450 බැගින් මුංඇට මිලදී ගන්නා නමුත් රුපියල් 225 බැගින් එම මුංඇට අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත්, එම උපදෙස් අනුව පාඩුව දරා ගනිමින් රුපියල් 225 බැගින් සතොස අලෙවිසැල්වල මුංඇට අලෙවි කරන බවත් ඇමතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

0
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග...

රට වැසීම විසඳුම නෙවෙයි; ප්‍රවේශම් වන්න

0
කොවිඩ් පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම් වන්නැයි සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

මෙරට ආසාදිතයින්ගෙන් 95%කට පමණ ඔමික්‍රෝන්

0
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වෛද්‍ය විශේෂඥවරු පවසනවා. ඒ බව විද්‍යාගාර පරීක්ෂණ...

RECENT ARTICLES - ENGLISH

Johnston Fernando released from another case

0
The Colombo Chief Magistrate’s Court today (28) ordered to release Minister Johnston Fernando and two other suspects in the case filed over...

69 cement bags seized in STF operation

0
Sixty nine (69) cement bags weighing 50 kg each had been seized in a STF operation yesterday (27), Ceylon Today reported.

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...