25 C
Colombo
Sunday, May 19, 2024

දවසට PCR 55,000 ක් කරන්න අවශ්‍යයි – ඒත් කරන්නේ 7,000 යි

- Advertisement -

දෛනිකව හමුවන ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් යන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය කිසියම් ආකාරයක නොමග යැවීමක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා.

මෙම තත්වය ඉදිරියේදී භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි බවයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ.

රවී කුමුදේශ් මහතා පවසන්නේ දෛනිකව PCR පරීක්ෂණ 55,000 කට වඩා සිදුකළ යුතු නමුත් දැනට සතියකටම සිදුකරන PCR ප්‍රමාණ 55,000 දක්වා අඩුකර ඇති බවයි. ඇතැම් රසායනාගාර වල දෛනිකව PCR පරීක්ෂණ 300ක්වත් නොකෙරෙන තත්වයක්ද උදාවී ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.

පර්‍යේෂණාගාරවල පීසීආර් පරීක්ෂණ කිරීමට ධාරිතාවක් තිබියදී එය සිදු නොකිරීම හරහා හඳුනා ගන්නා ආසාදිතයන් ප්‍රමාණය හැකිතරම් සීමා කර ඇති බවත් මේ හරහා ඉතා වැරදි චිත්‍රයක් ජනතාව ඉදිරියේ පෙන්වන බවත් පවසන ඒ මහතා දිනකට PCR පරීක්ෂණ 7000 ක් සිදු කිරීම මගින් වසංගතය පාලනය කළ නොහැකි බවත්, පසුගිය මාර්තු මාසයේදී සිදුකළ වැරැද්ද යළිත් සිදුවීම හරහා නැවත රටතුළ භයානක තත්වයක් ඇතිවිය හැකි බවත් අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...