සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අද (20) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
ඔහු මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කරනු ලැබුවා.
මෙරට මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා සුවිශේෂි වැඩ කොටසක් ඉටුකළ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උසස් තනතුරක්ද හොබවනු ලැබුවා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයේ මීට පෙර කටයුතු කළ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, විශ්‍රාම යාමෙන් පසුවයි මෙම නව පත් කිරීම සිදුකර තිබුණා.