29 C
Colombo
Saturday, May 4, 2024

අනවසර ධීවර කටයුතු මැඬලන්න නව නීතියක්

- Advertisement -

ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු  මෙම කමිටුව සඳහා  ධීවර අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන් සහභාගි වී තිබුණා.

එහිදී ඉදිරිපත් කර ඇති පනත බලාත්මක වුවහොත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයන්ට හා  ශ්‍රී ලංකා මුහුදේ මෙවැනි ක්‍රියාවන්හි යෙදෙන ඕනෑම කෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත හැකි වන බව වාර්තා වෙනවා.

දැනට පවතින නීතිමය ප්‍රතිපදාන යටතේ නීති විරෝධී මසුන් ඇල්ලීම (IUU) සඳහා බලපත්‍ර හිමියා පමණක් වරදකරු බවට පෙන්වා දුන්නත් ධීවර පනත මඟින් මෙහිදී බලපත්‍ර හිමියා යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන්ද යන්න අර්ථකථනය කර නැහැ.

නව නීතියට අනුව, බෝට්ටුවේ හිමිකරුට අමතරව, බෝට්ටුවේ නියමුවා මෙන්ම බෝට්ටුවේ සිටින ඕනෑම පුද්ගලයෙකුට නීති විරෝධී මසුන් ඇල්ලීම සඳහා චෝදනා ගොනු කළ හැකි වෙනවා .

 ධීවර අමාත්‍යංශය පවසන්නේ උතුරු මුහුදේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවරයින් විසින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් මෙම නීතිය බලාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

මුහුදු සීමාව සම්බන්ධයෙන් ඇති මෙම ගැටලුව පිළිබඳව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වසර ගණනාවක් තිස්සේ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබුණත් එය තවමත් නොවිසඳෙන මට්ටමක පවතින බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...