32 C
Colombo
Monday, May 6, 2024

මානව හිමිකම් ගැන ඇත්ත වහන්න චීනයෙන් අලුත් වැඩක්

- Advertisement -

චීනයේ ෂින්ජියන්ග් හි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විවේචනවලට එරෙහිව සහ ඒවා යටපත් කිරීමට චීනය දරන උත්සාහයක් පිලිබදව අලුත්ම වාර්තාවක් මගින් කරුණු හෙළිකර තිබේ.

ෂින්ජියන්ග්හි ගැටලුකාරී මායිම් ප්‍රදේශවල සිටින චීනය පදනම් කරගත් කාන්තා ජනවාර්ගික-සුළුතර බලපෑම් කරන්නන් එම දේශසීමා කලාප පිළිබඳ ව්‍යාජ තොරතුරු සහ විනිවිදභාවය පිළිබඳ ව්‍යාජ හැගීම් ප්‍රකාශ කිරීම සඳහා නවීන අන්තර්ගතයන් භාවිතා කරන බව එහි දැක්වේ.

ඔස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය වාර්තා කළේ, සින්ජියැන්ග්, ටිබෙට් සහ අභ්‍යන්තර මොංගෝලියාවේ ගැටලුකාරී මායිම් ප්‍රදේශවලින් මෙම බලපෑම් කරන්නන්ගේ යූ ටියුබ් (YouTube) ගිණුම් පිළිබඳ විමර්ශනයකදී මෙය අනාවරණය වී ඇති බවයි.

මොවුන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා යටපත් කිරීමට කටයුතු කරන බව පැවසේ.

ඔවුන් වැඩි වැඩියෙන් චීනයට පක්ෂ ප්‍රචාරණ සහ වැරදි තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන බව ද සදහන් වේ.

මෙම සියලුම වීඩියෝ පළමුව චීනයේ දේශීය සමාජ මාධ්‍යන් වෙත නිකුත් කර අභ්‍යන්තර ප්‍රචාරණයෙන් පසුව,එම අන්තර්ගතයන් YouTube හරහා ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත නිකුත් කරනු ලබන බව පැවසේ.

චීනයේ මානව හිමිකම් ගැටළු පිළිබඳ විවේචනවලට එරෙහිව සහ රටේ ප්‍රතිරූපය විනාශ කිරීමට එරෙහිව චීන කොමියුනිස්ට් පක්ෂය ගන්නා උත්සාහයේ කොටසක් ලෙස මෙය සැලකේ.

චීනයේ යූ ටියුබ් අවහිර කර ඇතත් කොමියුනිස්ට් පක්ෂය තවමත් බාහිර ලෝකය සමඟ තරඟ කිරීමට එම මාධ්‍ය භාවිතා කරයි. ඔවුන්ගේ ප්‍රචාරක ප්‍රයත්නයන් සඳහා යූ ටියුබ් භාවිතය මෑත වසරවලදී තීව්‍ර වී ඇති බව සැලකිය යුතු කරුණක් බව අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...