33 C
Colombo
Friday, March 29, 2024

නව වීසා ගාස්තු සහ දඩ සංශෝධනයක්

- Advertisement -

පසුගිය 18 වනදා ප්‍රසිද්ධියට පත් කර ඇති නව රෙගුලාසිවලට අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනයක් සිදුකොට ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින පුද්ගලයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව අමෙරිකා ඩොලර් 500 ක මුදලක් අය කිරීමටයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

පළමු වර්ගයේ වාස වීසා යටතේ ආයෝජකයන්, සේවා නියුක්තයන්, ශිෂ්‍යයන්, වෛද්‍ය ප්‍රතිකාර ලබන්නන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, ආගමික කටයුතුවල නිරත වන්නන් සඳහා වසරකට අමෙරිකා ඩොලර් 200 ක ගාස්තුවක් අය කෙරෙනවා.

දෙවන සහ තුන්වන වාස වීසා ක්‍රමය යට‌ෙත් අමෙරිකා ඩොලර් 100 බැගින් අය කිරීමට නියමිතයි. පූජ්‍ය පක්ෂයේ සාමාජිකයන් සහ මෙරට පුරවැසියෙකු හා විවාහ වී සිටින විදේශ කාලත්‍රයන් හෝ යැපෙන දරුවන් වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා.

සංචාරක වීසා යටතේ දකුණු ආසියාතික සංචාරකයන්ට මාර්ගගත වීසා ලබා ගැනීමේදී අමෙරිකා ඩොලර් 20 ක් සහ පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේදී අමෙරිකා ඩොලර් 25 ක් ගෙවීමට සිදුවනවා.

දකුණු ආසියානු කලාපයට අයත් නොවන රටවල්වල සාමාජිකයන් මාර්ගගත ක්‍රමය යටතේ වීසා ලබා ගැනීමේදී අමෙරිකා ඩොලර් 35 ක් සහ පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේදී අමෙරිකා ඩොලර් 40 ක් ගෙවිය යුතු බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...