27 C
Colombo
Thursday, May 2, 2024

ප්‍රවෘත්ති වෙබ් අඩවි ප්‍රකාශන මාධ්‍යය නෙමෙයි- පොලිසිය

- Advertisement -

ප්‍රවෘත්ති වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ප්‍රකාශන මාධ්‍යයන් ලෙස නොපිළිගන්නා බව ගම්පහ අධිකරණ සංකීර්ණයේ රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (25) පවසා තිබෙනවා.

වෙබ්අඩවි සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය සඳහා අධිකරණ කටයුතු වාර්තා කිරීමට අවස්ථාව ලබා නොදීමට හැකියාව ඇති බවයි ගම්පහ අධිකරණ සංකීර්ණයේ රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් 82026 ඩබ්ලිව්.ඒ.එස්.පී. කුමාර මහතා පවසා තිබෙන බවට වාර්තා වෙනවා.

ශානි අබේසේකර මහතා නිදහස් කළ නඩුව ආවරණය කිරීම සඳහා ගම්පහ අධිකරණ සංකීර්ණය තුළට ගිය මාධ්‍යවේදීන්ට ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ජනමාධ්‍යවේදීන් නම් නිතරම ජනමාධ්‍ය හැඳුනුම්පත මාධ්‍යවේදියාගේ බෙල්ලේ එල්ලාගෙන සිටිය යුතු බවට පොලිස් කොස්තාපල් 77925 එම්.ආර්.ඒ.එන්. අබේරත්න මහතා නමැති තවත් අයෙකු ප්‍රකාශ කර තිබුණා.

එලෙස බෙල්ලේ එල්ලාගෙන නොසිටින පිරිස් සහ වෙබ්වල වැඩකරන පිරිස් ජනමාධ්‍යවේදීන් නොවන බව ඔහු පවසා තිබෙනවා.

මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් සහ ඔවුන් දෙදෙනාගේ අපකීර්තිදායක හැසිරීම සම්බන්ධයෙන් ගම්පහ වැඩ බලන කොට්ඨාස භාර පොලිස් අධිකාරී චින්තක පෙරේරාට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් අධිකාරීවරයා විසින් ගම්පහ බාර සහකාර පොලිස් අධිකාරීවරයාට ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...