27 C
Colombo
Sunday, May 19, 2024

ප්‍රවෘත්ති කාමරවල මාධ්‍යවේදිනියන්ට වන හිරිහැර පිළිබඳව විමර්ශනය කරන්නේ නැහැ – ඇමති කෙහෙළිය

- Advertisement -

ප්‍රවෘත්ති කාමරවල සිදුවන ලිංගික හිරිහැර පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කරන්නේ විධිමත් පැමිණිල්ලක් නොමැතිව පරීක්ෂණයක් ආරම්භ කිරීම දුෂ්කර බවයි.

පසුගිය සති දෙක තුළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය භාවිතා කරමින් ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය ආයතන තුළ තම අප්‍රසන්න අත්දැකීම් හෙළි කළා.

එය පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ විට ඔහු ඒ පිළිබඳව සොයා බලන ලෙස රජයේ තොරතුරු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, විධිමත් පැමිණිල්ලක් නොමැතිව මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මාධ්‍යයට බාධා කිරීමක් ලෙස දැකිය හැකි බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා සිටියා.

කෙසේ වෙතත් ප්‍රවෘත්ති කාමර තුළ ජනමාධ්‍යවේදිනියන්ට සිදුවන මෙම සිදුවීම් පිළිබදව සොයාබලන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයද ජනමාධ්‍ය ඇමතිවරයාට ලිපියක් යොමුකර තිබුණා.

ප්‍රවෘත්ති කාමර තුළ සිදුවන මෙම සිදුවීම්වලට විරෝධය පා පසුගිය සතියේ එක් මාධ්‍යවේදිනියක් සිය රැකියාවෙන් ඉල්ලා අස්වුණා.


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...