28 C
Colombo
Saturday, July 27, 2024

සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ..! – PUCSL

- Advertisement -

හෙටින් ආරම්භ වන සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ මේ අනුව හෙට (සෙනසුරාදා 06) සහ අනිද්දා (ඉරිදා 07) දිනවල කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.

මේ අතර අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් සඳහා පමණක් බවයි ඊයේ මහජන උපයෝගීතා කොමිසම කියාසිටියේ.

ඒ අනුව අද A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

මේ අතර සති කිහිපයකට පසු (02) දිනයේ ජල විදුලි උත්පාදනයේ ඉහළ යාමක් සිදුවී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

පසුගිය කාල සීමාවේ ජල විදුලිය නිෂ්පාදනය කෙරුණේ 40%ක පමණ ප්‍රමාණයක්.

පෙරේදා දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් බලාගාරවලින් 57.17%ක ජල විදුලි ප්‍රමාණයක් නිපදවා තිබෙනවා.

මේ අතර මහජය උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිව යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදු කාලසීමාව අවම කිරීමට හැකියාව ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...