32 C
Colombo
Monday, May 6, 2024

කිම්ජොන් උන් ගේ බර හදිසියේ අඩුවීම ගැන උතුරු කොරියානු ජනතාව කම්පාවෙන්

- Advertisement -

උතුරු කොරියානු පුරවැසියකු, නායක කිම් ජොන් උන් හදිසියේ බර අඩු කර ගැනීම පිළිබඳ කනස්සල්ල පළ කරන පෙර නොවූ විරූ රූපවාහිනී වීඩියෝ පටයක් ජ්‍යාත්‍යන්තර විශ්ලේෂකයන් සහ මාධ්‍යවල අවධානය හිමි කරගෙන තිබේ.

උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍යය තත්ත්වයට අදාළ තත්ත්වයන් එරට රාජ්‍ය මාධ්‍ය තුළ පෙන්වීම සිදු කරන්නේ ඉතාම කලාතුරකිනි. ඔහුගේ ප්‍රතිරූපයට අදාළ දේ මාධ්‍ය තුළ දැඩිව පාලනය කරනු ලබයි.

එවැනි තත්ත්වයකදී රාජ්‍ය මාධ්‍ය තුළින් නායකයාගේ සිරුරේ බර විශාල වශයෙන් අඩුවීම විශේෂ කොට පෙන්වනු ලබන්නේ කිසියම් අරමුණක් සඳහා බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාව ද කිම් ජොන් උන්ගේ සිහින් සිරුර කැපී පෙනෙන පරිදි ඔහු පෙන්වීමට මෑතක දී කටයුතු කර තිබිණි.

ඉන්පසු නම සඳහන් නොකළ පුරවැසියකු කිම් ජොන් උන් සිහින් වීම පිළිබඳ කණගාටුවන දර්ශන රාජ්‍ය රූපවාහිනියේ විකාශය විය.

“ඔහු එලෙස දුටුවිට අපි විස්මයට පත්වුණා.හැමෝම අඬන්න පටන් ගත්තා,”යැයි පුරවැසියා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයින් පවසන්නේ කිම් තමන් වටා කිසිවිටක සෘණාත්මක ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් නොකරන බැවින් තමන් තනිවම බර අඩු කරගන්නා බව පෙන්වීමට කිම් ට අවශ්‍ය වී ඇති බවයි.

ඔහු ජනතාව වෙනුවෙන් කැපවී සිටින බව පෙන්වීම සඳහා කරන ප්‍රචාරණ වැඩපිළිවෙළක කොටසක් ලෙස ඔවුන් මෙය පෙන්වා දුන්නේය.

උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව දිගින් දිගටම කටකතා පැවතුනද, ඒවා රටේ කුප්‍රකට රහසිගත රජය විසින් පිළිගනු ලැබුවේ කලාතුරකිනි.

එමෙන්ම මෑතක දී නායකයා රටේ ආහාර හිඟයක් පවතින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ද කටයුතු කර තිබිණි.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටු ඡන්දය විකුණන්න දෙන්න බැහැ-දිලිත්

පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර...

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2004...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...