උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස 5ක කාලයක් දක්වා අනුරාධපුර දක්වා පමණක් ධාවනය සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන්.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදු කරන බවයි.
කෙසේ වෙතත් යාපනය දක්වා ගමන් ගන්නා මඟීන් සඳහා අනුරාධපුර සිට බස් රථ මඟින් යාපනය දක්වා ගමන් කිරීමට පහසුකම් ලබාදීමට නියමිතයි.