විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දැරණියගල නගරයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පළ කර තිබුණා.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයේ වැඩිකළ රුපියල් 2,500ක මුදල ජනවාරියේ සිට ලබාදීමට ද අවධානය යොමු කර ඇති බවයි.