26 C
Colombo
Monday, May 20, 2024

අර්බුද සමයේ තෙල් තොග අතුරුදහන් වෙලා

- Advertisement -

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිමේදී මේ පිළිබඳ අනාවරණය වු බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සඳහන් කළා.

අර්බුද සමයේ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ දත්ත ගබඩා තුළ පවතින දත්ත සිතා මතා විනාශ කර ඇති බවට මෙහිදී අනාවරණ වී ඇති බවත් නාලක බණ්ඩාර මහතා පැවසුවා.

මෙරටට අවශ්‍ය ගල් අඟුරු තොග පතල්කරුවන්ගෙන් සෘජුවම ආනයනය කිරීමට ලංකා අඟුරු සමාගමේ අවදානය යොමුවී තිබෙන බව නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා තවදුරටත් සඳහන් කළා

මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය කෙරෙන අර්තාපල්, ලූනු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු ‍සියලු තොරතුරු ඇතුළත් නව ඉලෙක්ට්‍රොනික වේදිකාවක් නිර්මාණය කිරීමට අදාළ පූර්ණ යෝජනාවලියක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා සභාපති පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වූ මිලට වඩා විශාල වශයෙන් වැඩි මිලකට මෙරට පාරිභෝගිකයාට විකිණීම සිදුවන බැවින් ඒ සඳහා මෙම විවෘත ඩිජිටල් වේදිකාව ප්‍රායෝගික විසඳුමක් වනු ඇති බව ඔහු සඳහන් කරනවා.

මෙම ක්‍රමය හරහා පාරිභෝගිකයාට තමා විසින් මිලදී ගනු ලබන ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ මිල ඇතුළු සියලු විස්තර දැනගැනීමේ හැකියාව ලැබෙන බවද එම කාරක සභාව රැස්වු අවස්ථාවේ පාඨලි චම්පික රණවක මහතා සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ පාසල් හෙට – අනිද්ද වහලා

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...