32 C
Colombo
Sunday, June 4, 2023

එක රටක් නීති දෙකක්. නිවසක සාදයක් වටලා සියල්ලන් බන්ධනාගාරයට

- Advertisement -

යාපනය පොලිස් වසමේ අර්සඩි ප්‍රදේශයේ නිවසක සාදයක් පැවැත්වූ 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් අදාළ පුද්ගලයින් බීමතින් සිටි බවයි.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

මෙම පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් සියලුදෙනාද නිරෝධායනයට යොමුකරන ලෙසට අධිකරණය විසින් සෞඛ්‍ය බලධාරීන් ට නියෝග කෙරුණා.

මේ අතර කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වූ බවට වන චෝදනාවට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (31) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවා.

පැය කිහිපයක් තුළ ඔවුන් ඇප ලබා පිටව ගිය අතර ඔවුන් හෝ සාදයට සහභාගී වූ අනෙක් නිසිවෙකුත් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබුණේ නැහැ.


https://www.news19.lk/how-piumi-and-chandimal-went-home-without-being-quarantined/

RECENT ARTICLES - SINHALA

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...