32 C
Colombo
Sunday, May 5, 2024

වරාය ආරක්ෂක අංශ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකුට අසාධ්‍යයි (වීඩියෝ)

- Advertisement -

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේ දී සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 දෙනෙක් ඇතුළු 09 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙරළබඩ පොලීසිය කියා සිටියේ කොළඹ වරාය හරහා ඉදිවන අධිවේගී මාර්ගයේ භාණ්ඩ ගබඩාවකින් යකඩ සොරකම් කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට ගිය අවස්ථාවේදී පදිංචිකරුවන් එම සිද්ධියට මැදිහත් වීමෙන් උණුසුම් තත්තවයක් ඇති වූ තිබූ බවයි.

එහිදී වැඩ බිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂා නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලුමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

ඒ අතර කාන්තාවන් සිව් දෙනෙක් ද සිටින බවද වාර්තා වනවා.

මෙහිදී පෞද්ගලික ආරක්ෂක අංශ සතුව තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට යාමත් සමඟ වෙනත් නිලධාරියෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

කෙසේ වෙතත් වෙඩි වැදුණු එක් පුද්ගලයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවයි ආරක්ෂක අංශ කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...