26 C
Colombo
Sunday, May 19, 2024

වසා දැමූ කිරි කම්හල වහා අරින්න

- Advertisement -

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මරදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති විරෝධීව මුද්‍රා තැබීමෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සිය තනතුරට අවැසි බලය ඉක්මවා කටයුතු කර ඇති බවට කැකිරාව මහේස්ත්‍රාත් ඩී. පී. එස්. එම්. කරුණාරත්න මහත්මිය තීන්දු කළා.

ඒ අනුව නීති විරෝධීව මුද්‍රා තබා වසා දැමූ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාව මුද්‍රා කඩා වහාම යළි විවෘත කරන ලෙසට ද කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එස්.එම් කරුණාරත්න මහත්මිය කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත තනිප්පුලිආරච්චි මහතාට තවදුරටත් නියෝග කර තිබෙනවා.

මෙසේ මුද්‍රා කඩා යළි විවෘත කරන ලෙසට නියෝග කෙරුණේ නුවර පාර මරදන්කඩවල උලංකුලම ඩේරිස් පෞද්ගලික සමාගමට අයත් කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි.

එම ආයතනයට සහ එහි අයිතිකරු වන ඉසුරු ජීවන්ත චන්ද්‍රසේකර මහතාට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත තනිප්පුලිආරච්චි මහතා අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසිත තනිප්පුලිආරච්චි මහතා ප්‍රකාශ කළේ සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් කිරි ආශ්‍රිත නිෂ්පාදනය විත්තිකරුට අයත් මෙම ආහාර පරිහරණ ආයතනය තුළ සිදුකරමින් පවතින බවට පැමිණිලි ලැබුණු බවයි‍.


RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...